Tuesday, November 19, 2024

General line - 0115112241

STF හිටපු අණදෙන නිලධාරියා රිමාන්ඩ් කිරීම නොහොබිනා කි‍්‍රයාවක්




පොලිස් විශේෂ කාර්ය බලකායේ හිටපු අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති කේ.එල්.එම්. සරත්චන්ද්‍ර රක්ෂිත බන්ධනාගාර ගත කිරීම අනුමත කළ නොහැකි නොහොබිනා කි‍්‍රයාවක් බව ජාතික හෙළ උරුමය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එහි මාධ්‍ය ලේකම් නිශාන්ත ශී‍්‍ර වර්ණසිංහ පෙන්වා දෙන්නේ ඔහු විශේෂ කාර්ය බලකාය තුළ සිටි දක්ෂ නිලධාරියෙකු බවයි.

ජාතික ආරක්ෂාවට අදාළව සහ ප‍්‍රභූ ආරක්ෂාව සම්බන්ධයෙන් හිටපු අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති කේ.එල්.එම්. සරත්චන්ද්‍ර සුවිශේෂී මෙහෙවරක් ඉටු කළ පුද්ගලයෙක්. ත‍්‍රස්තවාදය පැවති සමයේ නැගෙනහිර පළාතේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඔහු අමිල මෙහෙයක් ඉටුකර තිබෙනවා. එහෙත් පොලිස් දෙපාර්තමේන්තුවට අයත් ජීප් රථයක් අවභාවිත කිරිම සම්බන්ධයෙන් ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කිරීම විමතියට කරුණක් බවයි නිශාන්ත වරණසිංහ නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

දූෂණ සම්බන්ධයෙන් නීතිය කි‍්‍රයාත්මක වන ආකාරය පුදුම සහගත බවද එහි වැඩිදුරටත් සඳහන්.