තලවාකැලේ සුමන මහා විද්‍යාලයේ දසවන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසුවෙකුට කිසියම් පිරිසක් පහරදී තුවාල සිදුකළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.
පෙරේදා පස්වරු දෙකයි තිහට පමණ මෙම පහරදීම සිදුව ඇති බවයි විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.
මෙම සිසුවා මේ වන විට තලවාකැලේ රෝහලේ ප්‍රතිකාර ලබනවා. පහරකෑමෙන් දරුවාගේ දකුණු අතට දැඩි තුවාල සිදුව තිබෙනවා.
හිසටද තුවාල සිදුව ඇති බවයි රෝහල් ප්‍රකාශකයෙකු පැවසුවේ.