හම්බන්තොට මාගම්පුර වරායේ සේවකයින් ආරම්භ කර ඇති විරෝධතාවය සහ සත්‍යග්‍රහය තවදුරටත් පැවැත්වෙනවා.
අද පොහොය දිනය බැවින් විරෝධතාවට එක්ව සිටින පිරිස සිල් සමාදන් වීමටයි තීරණය කර ඇත්තේ.
වරායේ ආරක්ෂාවට නාවික හමුදාව සහ පොලිසිය ද තවදුරටත් රැඳී සිටින බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍ය අර්ජුන රණතුංග යළි අදහස් පල කර තිබෙනවා. අදාළ වීඩියෝව පහතින් දැක්වේ.
කෙසේ වෙතත් නිවේදනයක් නිකුත් කරන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසන්නේ හම්බන්තොට වරායේ සේවකයින්ගේ ඉල්ලීම්වලට රජය ප්‍රතිචාර දැක් වූ ආකාරය පිළිබඳ තමා මෙන්ම තම පියා ද දැඩි කණස්සල්ලෙන් පසුවන බවයි.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්වරයා මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ හම්බන්තොට දිස්ත්‍රික් කැබිනට් අමාත්‍යවරයා ද මෙම ගැටළුවට මැදිහත් නොවූ බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
කෙසේ වෙතත් වරාය සේවකයින් පවසන්නේ මාධ්‍යවේදියෙකුට පහරදීමේ සිද්ධිය මතුවීම හේතුවෙන් සැබෑ ගැටළු යටපත් විය හැකි බවයි. එම සේවක සංගමයේ උප සභාපති අයි. කේ. උමේෂ් ඒ පිළිබඳව අදහස් දැක්වූ හඬපටය පහතින් දැක්වේ.