Wednesday, November 20, 2024

General line - 0115112241

මාධ්‍යවේදීන් හඳුනා ගන්න අලුත් යෝජනාවක්




මාධ්‍යවේදීන් නිවැරදිව හඳුනා ගතහැකි පරිදි විශේෂිත ඇදුමක් හඳුන්වා දිය යුතු බව අමාත්‍ය අර්ජුන රණතුංග අද (14) යෝජනාවක් සිදු කළා.

මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව සදහන් කළා.

හම්බන්තොට මාගම්පුර වරායේදී පසුගියදා නාවික හමුදපතිවරයා මාධ්‍යවේදියෙකුට සිදුකළා යැයි කියන පහරදීමට අදහස් දක්වමින් හෙතෙම මේ බව සඳහන් කළා.

එහිදී හෙතෙම වැඩි දුරටත් සඳහන් කළේ “මම හිතනවා අපි රජයක් හැටියට නීතියක් ගේන්න ඕනේ මාධ්‍ය වාර්තකරනයේ යෙදෙන පුද්ගලයන් වෙනම හඳුනා ගැනීමට ඇඳුමක් වගේ ක්‍රමවේදයක් අනුගමනය කරන්න. අපි දන්නෙ නෑනෙ.. ටැග් එකක් ගහගෙන ඕන එක්කෙනෙකුට යන්න පුළුවන් මාධ්‍යයෙන් කියලා. මේක මගේ අදහසක් විතරයි. එතකොට හරි දේ කරන්න එන අයව හඳුනාගන්න අපිට පුළුවන්” යනුවෙනි.