2016 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අදින් අවසන් වුණා.
ඉකුත් දෙසැම්බර් 6 වැනිදා ආරම්භ වූ මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටි අපේක්ෂකයන් ගණන හත්ලක්ෂයක් පමණ වන බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
එය ඉතිහාසයේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි වැඩිම අපේක්ෂකයන් සංඛ්‍යාවද වනවා.
මෙවර විභාගයේදී විභාග අක්‍රමිකතා සිද්ධීන් 4ක් පමණක් වාර්තා වූ බවයි විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ෙජ්. පුෂ්පකුමාර පැවසුවේ.
ඒවා විභාග අපේක්ෂකයන් වෙනුවට වෙනත් අපේක්ෂකයන් පෙනී සිටීමේ සිද්ධීන් බවත් ඊට අදාළ පුද්ගලයන් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කළ බවත්, විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළා.