සමනල අඩවිය වනාන්තරයේ මේ දිනවල දී අලංකාර නව දිය ඇළි රැසක් නිර්මානය වී තිබෙනවා.
මෙයින් දිය ඇළි පහක් පමණ වඩාත් සුන්දරව මේ වන විට දිස්වෙමින් පවතිනවා.
පසුගිය සමයේ පැවැති වියළි කාලගුණ තත්ත්වය නිමා කරමින් සමනල අඩවියට අධික වැසි ඇද හැලීම නිසා මෙම අලංකාර දියඇළි නිර්මාණය වී තිබෙනවා.
මේ වන විට සීත ගගුලේ ද ජලය අධික බැවින් රළ පහර ප්රබල වී ඇති බවයි වාර්තා වෙන්නේ.