නව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස පත්වූ ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා අද (29දා) සිය තනතුරේ වැඩ භාර ගත්තා.
ඒ වෙනුවෙන් ආරක්ෂක අමාත්‍යංශ ක්‍රීඩාංගනයේ දී හමුදා සම්මාන මුරයක් පිරිනැමීම ද සිදු වුණා.
මේ අතර ඔහු මෙලෙස වැඩ ආරම්භ කිරීමත් සමග යුධ හමුදාපති තනතුර මේ වනවිටත් පුරප්පාඩු වී ඇති බවයි වාර්තා වන්නේ.