Tuesday, November 5, 2024

General line - 0115112241

ශ්‍රීලනිප රැස්වීම සංවිධායකවරුන්ට පමණක් නොවේ! (UPDATE)




ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය අද පස්වරුවේ කැඳවා ඇති රැස්වීමට ආසන සංවිධායකවරුන් මෙන්ම පක්ෂයේ කි‍්‍රයාකාරී සෙසු පිරිස්වලට ද ආරාධනා කර තිබෙනවා. එහි ප‍්‍රකාශකයෙකු පැවසුවේ මෙම රැස්වීම ආසන සංවිධායකවරුන්ගේ රැස්වීමක් නොව නියෝජිත රැස්වීමක් බවයි.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ පදනම් ආයතනයේදී මෙම රැස්වීම පැවැත්වෙන බවද ඔහු කියා සිටියා. එළැඹෙන පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරෙනු ඇති. ප‍්‍රශ්න මතුවන ආකාරයට වැට් සංශෝධනය සහ තවත් කරුණු සම්බන්ධයෙන්ද එහිදී සාකච්ඡා කෙරෙනු ඇති බවයි විශ්වාස කෙරෙන්නේ.

කෙසේ වෙතත් අද පස්වරුවේ කැඳවා ඇති මෙම රැස්වීමට තමන්ට ආරාධනාවක් ලැබී නැතැයි ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් මන්ත‍්‍රීවරුන් කියා සිටියා.

—————————————-

ශ්‍රීලනිප සංවිධායකවරුන් කොළඹට කැඳවයි – ඇතැමුන්ට ඇරයුම් නැහැ

2016-07-19 06.45 am

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන්ට අද (19) දින කොළඹට කැඳවා ඇතැයි වාර්තා වනවා. නෙත් නිවුස් ඒ සම්බන්ධයෙන් ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප‍්‍රියදර්ශන යාපා මහතාගෙන් වැඩිදුර කරුණු විමසුවා. එහිදී ඔහු පැවසුවේ සංවිධායකවරුන්ගේ රැස්වීම නිරන්තරයෙන් පවත්වන සාමාන්‍ය දෙයක් බවය.

අදාළ සාකච්ඡාව පැවැත්වෙන ස්ථානය, වේලාව සහ එහිදී සාකච්ඡා කෙරෙන කරුණු පිළිබඳව නෙත් නිවුස් අමාත්‍ය ඩබ්ලිව්.ඞී.ජේ. සෙනෙවිරත්න මහතාගෙන් ද ප‍්‍රශ්න කළා. “මෙය ආණ්ඩුව නියෝජනය කරන ආසන සංවිධායකවරුන් කැඳවපු රැස්වීමක් මම හිතන්නෙ. වැට් ගැනත් කතාකරයි.“

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් ජ්‍යෙෂ්ඨයන් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන අයයි. අද පැවැත්වෙන සාකච්ඡවට ඔවුන්ට ද ආරාධනා ලැබී ඇත්දැයි නෙත් නිවුස් වැඩිදුරටත් විමසා බැලූවා. මේ, ඊට ප‍්‍රතිචාර දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසූවේ තමාට එවැනි ඇරයුමක් ලැබී නැති බවය.

මේ අතර නෙත් නිවුස් ඊයේ කළ විමසීමකදී අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේ වැට් සංශෝධනය පිළිබඳ අධ්‍යයනය කිරීමට පත්කළ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ කමිටුව අද සිය නිරීක්ෂණ ජනාධිපතිවරයා සමග සාකච්ඡා කරන බවයි. ඉකුත් දිනවලදී මෙම කමිටුව මුදල් අමාත්‍යංශය සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සමග සාකච්ඡා කළ බවද ඔහු කියා සිටියා.