ජාත්‍යන්තර තරුණ දිනය නිමිති කරගෙන ජාතික තරුණ සේවා සභාව විසින්"හසරැල්ලේ කැරැල්ල" යන තේමාව යටතේ සංවිධානය කළ වැඩසටහන බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බළකා මුලස්ථාන පිටියේ දී පැවැත්වෙනවා.
"No Drugs අපි Youth " යන නමින් තරුණ තරුණියන් 1600 ක්, කලාකරුවන්, ක්‍රීඩකයින් හා සම්භාවනීය අමුත්තන් රැසකගේ ප්‍රධානත්වයෙන් නිදහස් චතුරශ්‍රයේ සිට පොලිස් ක්‍රිඩාංගනය දක්වා පැමිණි පාගමන සඳහා ජාතික තරුණ සේවා සභාවේ සභාපති එරන්ද වැලිඅංගේ ද එක්ව සිටියා.
මත්ද්‍රව්‍ය නිවාරණ තරුණ වැඩසටහන බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බළකා මුලස්ථාන පිටියේ දී මේවන විට පැවැත්වෙන අතර අමාත්‍ය සාගල රත්නායක සහ පොලිස්පතිවරයා ද එහිදී වැඩසටහනට එක්ව සිටිනවා.