Tuesday, November 5, 2024

General line - 0115112241

ඇමති ධූරය අහිමිවීම ගැන ඩී.වී උපුල් කතා කරයි




දකුණු පළාත් සභාවේ ධීවර, සත්ත්ව නිෂ්පාදන හා සංවර්ධන, පරිසර, ග‍්‍රාමීය කර්මාන්ත, විදුලිබල සහ ග‍්‍රාමීය වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ධුරයෙන් ඩී.වී. උපුල් මහතා ඉවත් කිරීමට හේතුව ඒ මහතා අද (20) අනාවරණය කළා.

එහිදී ඔහු කියා සිටියේ දරන ලද අමාත්‍ය ධුරයෙන් තමන් ඉවත් කෙරුණේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් තමන් පෙනී සිටි නිසා බවයි. මහින්ද අමරවීර අමාත්‍යවරයා මෙම නිර්දේශය සිදු කර ඇති බවත් එසේ පත් කර ඇත්තේ ඇමතිවරයාගේ ඥාතියෙකු බවත් පැවසුවා. එසේ නොමැති නම් පත් විය යුතුව සිටියේ තමන්ට පසු දෙවනියට මනාප ගත් කෙනා බවයි ඔහු පැවසුවේ.

කෙසේවෙතත් දකුණු පළාත් සභාවේ අදාළ අමාත්‍ය ධුරයට එච්.ඩබ්ලිව්. ගුණසේන මහතා අද පත් කෙරුණා. අදාළ පත්වීමේ ලිපිය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදී දකුණු පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතා විසින් එච්.ඩබ්ලිව්. ගුණසේන මහතාට භාරදුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.