Wednesday, January 15, 2025

General line - 0115112241

ඉන්දු - ශ්‍රී ලංකා පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් (UPDATE)




ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර කොල්කටාහි ඊඩ්න් ගාර්ඩ්න්ස් ක්‍රීඩාංගණයේ පැවති ටෙස්ට් ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව නිමා වුණා.

තරගය ජය ගැනීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ලැබී තිබූ ඉලක්කය ලකුණු 231ක්.

එහෙත් තරගය නතර කරන විට ඔවුන් ලබාගෙන සිටියේ කඩුලූ 7ක් දැවී ලකුණු 75ක් පමණයි. 


ඉන්දිය කණ්ඩායම පළමු ඉණිමේදී ලකුණු 172කට සියලූ දෙනා දැවී ගියා. දෙවන ඉණිමේදී ඔවුන් කඩුලූ 8ක් දැවී ලකුණු 352ක් ලබා ගත්තා. ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉණිමේදී ලබාගත් ලකුණු සංඛ්‍යාව 294ක්. 

-------------------

ශ්‍රී ලංකා පිලට ලකුණු 231ක ඉලක්කයක් (20-11-2017 14:25)

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දිය කණ්ඩායම අතර කොල්කටා හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ අවසන් දිනය වන අද (20) දිනයේ සිය දෙවන ඉනිම ක්‍රීඩා කළ ඉන්දිය කණ්ඩායම කඩුලු 08ක් දැවී ලකුණු 352ක් රැස් කරගෙන සිටියදී සිය ඉනිම අත්හිටුවීමට තීරණය කළා.

ඒ ලකුණු 231ක ඉලක්කයක් ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිකර දෙමින්.

තරගයේ දී ඉන්දිය නායක විරාට්  කෝලි සිය 50 වන ජාත්‍යන්තර ශතකය වාර්තා කිරිමට සමත්වුණා.

ඔහු නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 104ක්.

ඊයේ (19 ) දිනයේ දී සිය පළමු ඉනිම ක්‍රීඩාකළ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 294ක් රැස් කළා.

---------------------

අද තරගයේ අවසන් දිනයයි  (20-11-2017 11:05)

ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ අද (20) අවසන් දිනයයි.

මීට නොබෝ වේලාවකට පෙර තරගය ආරම්භ වුණා.

සිය දෙවන ඉණිම වෙනුවෙන් පන්දුවට පහරදෙන ඉන්දීය කණ්ඩායම කඩුලූ 04ක් දැවී ලකුණු 229ක් රැස්කර ගෙන සිටිනවා.

ඉන්දීය දෙවන ඉණිමේ කඩුලූ 03ක් අද උදෑසනින්ම දවා ගැනීමට සුරංග ලක්මාල් සමත් වුණා.

කේ එල් රාහුල් ලකුණු 79කටත්, චෙටිස්වර් පුජාරා ලකුණු 22කටත්, අජින්ක්‍යා රහනේ ලකුණු බින්දුවකටයත් දැවී ගියේ සුරංග ලක්මාල්ගේ පන්දු හමුවේයි.

මේ සම්බන්ධ පෙර පුවත් සඳහා මෙතැනින් පිවිසෙන්න...