Wednesday, January 22, 2025

General line - 0115112241

පොදුරද මඩුලූ ජිම්නාස්ටික් අවුල පිටුපස රහසක් එළියට - මැක්ස්වෙල් චාලි චැප්ලින් වගේ - ඉදිරියේදී ජිල්බෝල සංගමයකුත් පිහිටුවන්න බැරි නෑ - ජිම්නාස්ටික් සභාපති

කසුන් කැලුම්




බලධාරීන්ගේ කඹ ඇදිල්ලෙන් ජිම්නාස්ටික් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට මෙවර පොදුරාජ්‍ය මණ්ඩලයීය කී‍්‍රඩා උළෙලට එක්වීමේ අවස්ථාව අහිමිවී පිළිබදව මේ වන විට කී‍්‍රඩා ක්‍ෂ්ත‍්‍රයේ දැඩි කතාබහක් මතුව තිබෙනවා.

Neth Sportsmen මේ පිලිිබදව ඊයේ පළමු වරට කරුණූ අනාවරණ කළා.

ජිම්නාස්ටික් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් සිවුදෙනෙකුට එම අවස්ථාව අහිමි වූූයේ බලධාරීන් නියමිත වේලාවකට ඔවුන්ගේ හැදුනුම්පත් සකස් කිරීමට අසමත් වීම හේතුවෙන්.

ජිම්නාස්ටික් සංගමයේ සභාපති අරුණ ප‍්‍රසාද් Neth Sportsmen  වෙත කියා සිටියේ අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවට , ශී‍්‍ර ලංකා ඔලිම්පික් කමිටුව ඉල්ලීමක් කළහොත් ඒ සඳහා යළි ලියාපදිංචිය විය හැකි බවයි.

අරුණ ප‍්‍රසාද් මෙලෙසද පැවසුවා.

" කී‍්‍රඩා උළෙලට සහභාගි වන කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් සිවුදෙනාගේ පාස් පෝටි කොපි සහ ඡායාරූප සී ඞී වලට ඇතුළත් කර අපි ඔලිම්පික් කමිටුවට භාර දුන්නා.

ඊට පස්සේ ඔවුන් කිව්වා මේ සමහර ඒවා වීසා ලබා ගැනීම සහා ප‍්‍රමාණවත් නොවන බව.

සිකුරාදා මට ඊමේල් කළා කියලා ඔලිම්පික් කමිටුව කිව්වට ඒ ඊමේල් එකේ ලියපදිංචි වීමට අදාල මුරපදය හෝ තිබුණේ නැහැ.

කොහොම වුුණත් දැන් වුණත් ළමයින්ව ඉදිරිපත් කරන්න හැකියාව තියෙනවා.

යම් කිසි ඉල්ලීමක් අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවෙන් ඉල්ලන්න පුලූවන්. හැබැයි ඔලිම්පික් කමිටුවේ මහලේකම්වරයා චාලිචැප්ලින් වගේ කෙනෙක් නිසා ඒ කිසිවක් තකන්නේ නැහැ."

 

ජිම්නාස්ටික් සංගමයේ සභාපතිවරයා එල්ල කරන මෙම චෝදනාව සම්බන්ධයෙන් නෙත් ස්පෝර්ට්ස්මන් ඔලිම්පික් කමිටුවේ මහලේකම් මැක්ස්වෙල් සිල්වාගෙන් විමසීමක් කළා.

ඔලිම්පික් කමිටුවේ මහලේකම් මැක්ස්වෙල් ද සිල්වා

" අනෙක් කී‍්‍රඩා සංගම්වලට කල් ඇතිව ඊට අයදුම් කළ හැකි නම් ජිම්නාස්ටික් සංගමයට එය අතපසු වීම ගැටලූවක්. ඔලිම්පික් කමිටුවේ සභාපති හේමසිරි ප‍්‍රනාන්දු මහතා සමග මේ පිළිබව සාකච්ඡා කර , ගත හැකි පියවරක් ගන්නාවා. සම්පූර්ණ වැරැද්ද ජිම්නාස්ටික් සංගමයේ. ඔවුන් සිය වගකීම් පැහැර හැරලා තියෙනවා."

 

ජිම්නාස්ටින් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට මෙවර පොදුරාජ්‍ය මණ්ඩලයීය කී‍්‍රඩා උළෙලට එක්වීම අහිමි කිරීම පිටුපස ඇති තවත් රහසක් එම සංගමයේ සභාපති අරුණ ප‍්‍රසාද් නෙත් ස්පේර්ට්ස්මන් හරහා මෙලෙස හෙළි කළා.

"දැන් ඉදිරියේදී ඔලිම්පික් නිලවරණය පැවැත්වෙනවා. අපි සහයෝගය දෙන්නේ රොහාන් ප‍්‍රනාන්දුට. ඉතිං දැන් ඉන්න ඔලිම්පික් කමිටුවේ ඉන්න නිලධාරීන් එකේ පලිය තමා පොදුරාජ්‍ය මණ්ඩලයීය ක‍්‍රීඩා උළෙලේදී අපේ කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට ඊට සහභාගි අහිමි කරමින් අරන් තියෙන්නේ. ඔලිම්පික් නිලවරණයේදී ඔවුන්ට ඡුන්දය ලබාදෙන සංගම්වලට හොට සලකලා අපට කුඩම්මාගේ සැලකිලි ඔවුන් කරන්නේ.

ඔලිම්පික් කමිටුවේ ඡුන්ද ගන්න මේ වන විට අලූතින් කී‍්‍රඩා සංගම් ඇති කිරීමේ උත්සහයක වත්මන් ඔලිම්පික් කමිටු නිලධාරීන් නිරත වී සිටිනවා. මේ යන විට ඉදිරියේදී ජිල්බෝල සංගමයක් පිහිටුවන්නට වත්මන් ඔලිම්පික් කමිටු බලධාරීන් කටයුතු කරාවි."

 

තමන් මේ පිළිිබදව කී‍්‍රඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාද දැනුවත් කළ බව ඔහු මෙහිදී වැඩිදුරටත් කියා සිිටියා. කී‍්‍රඩා බලධාරීන්ගේ පෞද්ගලික වාසි තකා මෙරට කී‍්‍රඩාව වලපල්ලට ඇද දැමීම කනගාටුවට කරුණක්. වරද ඇත්තේ කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ගේ නොව බලධාරීන්ගේය. ඔස්ටේ‍්‍රලියාවේ ගෝල් කොස්ට් නුවර පැවත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලයීය කී‍්‍රඩා උළෙල ආරම්භ වීමට තවත් මාස 05ක කාලයක් ඇත. කඩිනමින් ඒ සදහා ජිම්නාස්ටික් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් අවස්ථාව ලබාදීම වගකිවයුතු පාර්ශ්වයන්ගේ වගකීමක් බවNeth Sportsmen යළි සිහි කැදවනවා.