Tuesday, November 5, 2024

General line - 0115112241

හිටපු ආගමන විගමන පාලකවරයෙකුට ලක්ෂ 66ක දඩයක්




වත්කම් හෙළි නොකිරීම සම්බන්ධයෙන් හිටපු ආගමන විගමන පාලක ජේ.ඒ. ආරියසේනට කොළඹ මහාධිකරණය රුපියල් ලක්ෂ 66ක දඩ මුදලක් අද නියම කළා.

මීට අමතරව වසර 10ක සිරදඬුවමක් පනවා එය වසර දෙකකට අත්හිටුවීමටයි නියෝග කෙරුණේ.

වසරක් ඇතුළත සිය වැටුපෙන් හා ඉපැයීම්වලින් උපයා ගත නොහැකි රුපියල් ලක්ෂ දෙකක මුදලක් හා රුපියල් ලක්ෂ විස්සක නිවසක හිමිකාරීත්වය දැරීමෙන් අල්ලස් පනතේ දූෂණය නමැති වරද සිදුකර ඇති බවටයි ඔහුට චෝදනා එල්ල වී තිබුණේ.

මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන අද (22) නියෝග කර සිටියේ විත්තිකරු හිමිකාරීත්වය දැරූ මුදල් සහ දේපළවල වටිනාකම මෙන් තුන් ගුණයක්, එනම් රුපියල් ලක්ෂ 66ක මුදලක් දණ්ඩනයක් ලෙස අයකර ගැනීමටයි.