කොළඹ - ග්‍රෑන්ඩ්පාස් බ්‍රිටෝ බබාපුල්ලේ ප්‍රදේශයේ ඉදිකරමින් පවතින ගොඩනැගිල්ලක් කඩා වැටීම හේතුවෙන් මියගිය සංඛ්‍යාව 7 දක්වා ඉහළ ගොස් තිබෙනවා. පුද්ගලයින් දෙදෙනකුගේ තත්ත්වය බරපතල බවයි වාර්ථාවන්නේ. තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ සංඛ්‍යාව දෙදෙනෙකි.
මුදාගැනීමේ මෙහෙයුම් සිදු කෙරෙනවා.
------------------------------------------------------.
ග්‍රෑන්ඩ්පාස් ගොඩනැගිල්ල කඩා වැටීම නිසා අවට රථවාහන තදබදයක්
14-02-2018 16:24
කොළඹ - ග්‍රෑන්ඩ්පාස් බ්‍රිටෝ බබාපුල්ලේ ප්‍රදේශයේ ඉදිකරමින් පවතින ගොඩනැගිල්ලක් කඩා වැටීම හේතුවෙන් ඇතිව තිබෙන බේරා ගැනීමේ මෙහෙයුම හේතුවෙන් ඒ අවට ප්‍රදේශයන්හි රථ වාහන තද බදයක් ඇතිව තිබෙනවා.
එබැවින් විකල්ප මාර්ග භාවිත කරන්නැයි පොලිසිය රියැදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.
රථවාහන තදබදයේ මේවනවිට තත්ත්වය දැනගැනීම සඳහා මෙතනින් පිවිසෙන්න
-------------------------------------------------------
කොළඹ ඉදිවෙමින් පවතින ගොඩනැගිල්ලක් කඩා වැටේ!
14-02-2018 16:01
කොළඹ - ග්‍රෑන්ඩ්පාස් බ්‍රිටෝ බබාපුල්ලේ ප්‍රදේශයේ ඉදිකරමින් පවතින ගොඩනැගිල්ලක් කඩා වැටී තිබෙනවා. සුන්බුන් අතර සිරවූ පුද්ගලයින් පිරිසක් බේරා ගැනීමට මේ වනවිටත් මෙහෙයුමක් ක්‍රියාත්මක වනවා.
පුද්ගලයින් දෙදෙනෙකුගේ මළ සිරුර සොයාගෙන තිබෙනවා.