ඕස්ටේ්රලියානු ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු යැවීම් උපදේශකයෙකු ලෙස කටයුතු කරන මුත්තයියා මුරලිදරන් පල්ලෙකැලේ කී‍්‍රඩාංගණයේදී සිදුකළ අත්තනෝමතික කි‍්‍රයාව සම්බන්ධයෙන් මේ වන විට දැඩි කතාබහක් ඇති වී තිබෙනවා.
මෙහිදී මුත්තයියා මුරලිදරන් විසින් ශී‍්‍ර ලංකා කණ්ඩායමේ කළමනාකරු චරිත් සේනානායකට බැණ වැදී ඇති බවද නෙත් නිවුස් ඊයේ (24) වාර්තා කළා.
ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායම ඊයේ පස්වරුවේ මහනුවර ශී‍්‍ර දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් මේ සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාලගෙන් විමසීමක් කළා.
මුරලිදරන් සිය උපන් ගමේදීම ශී‍්‍ර ලංකා කණ්ඩායමට එරෙහිව ඕස්ටේ්රලියානුවන්ට සහාය දැක්වීම සම්බන්ධයෙන් තමන් කණගාටුවන බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපතිවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා කළ මෙම ප්‍රකාශයේ සම්පූර්ණ වීඩියෝව පහතින් බලන්න