අතුරුදන්වූවන් සම්බන්ධයෙන් පිහිටුවීමට යන නව කාර්යාලය කිසිසේත් අනුමත කළ නොහැකි බව ජාතික විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය පවසනවා.
එහි මාධ්‍ය ප්‍රකාශක සබරගමුව විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහින්ද පතිරණ පෙන්වා දුන්නේ වෙනත් කිසිදු දෙපාර්තමේන්තුවකට නොමැති බියකරු බලතල මෙම ආයතනයට පවරා දීමට ආණ්ඩුව සූදානම් වන බවයි. සබරගමුව විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහින්ද පතිරණ ඒ පිලිබඳව දැක්වූ අදහස් පහතින් දැක්වේ.
“මේ අතුරුදන්වුවන් පිළිබඳ කාර්යාලය සරල කාරණයක් නෙමෙයි. ලංකාවේ කවරදාකවත් පිහිටවලා නැති , ලංකාවේ කිසිම දෙපාර්තමේන්තුවකට , ආයතනයකට හිමි නොවන බල තල සහිත ව්‍යවස්ථාව පවා නොසලකා හැරිය හැකි ආකාරයට පිහිටුවන මේක සුපිරි අධිකාරියක් , සුපිරි දෙපාර්තමේන්තුවක්. මේක කොතරම් සුපිරිද කියනවනම් මාස දෙක තුනකට ඉස්සෙල්ලා සම්මත කරපු තොරතුරු දැනගැනීමේ පනත පවා මේ අධිකාරියට අති ක්‍රමණය කිරීමේ හැකියාව තිබෙනවා. මේක තමයි භයානකම තත්ත්වය”.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා මහජන අදහස් ලබාගැනීමට පත්කෙරුණු කමිටුව කි‍්‍රයාකළ ආකාරය ද ජාතික විශ්ව විද්‍යාල ආචාර්ය සංගමයේ විවේචනයට ලක්වනවා.
ඉන්දියාව සමග අත්සන් තැබීමට නියමිත එට්කා ගිවිසුම සම්බන්ධයෙන් කරුණු විමසීමට පත්කර ඇති කමිටුව ද ස්වාධීන එකක් නොවන බවයි ජාතික විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය පවසන්නේ.
මෙම කමිටුව හරහා අවසන් වශයෙන් සිදුවනු ඇත්තේ ඉන්දියාවට අවශ්‍ය ගිවිසුමකට අනුමැතිය ලබාදීම බව ද මෙහිදී ප්‍රකාශ කෙරුණා.