Saturday, January 18, 2025

General line - 0115112241

ඉන්දීය කණ්ඩායම දැඩි අසීරුතාවක

සමන්ත කුමාර




එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගයේ දෙවන දිනය නිමා වනවිට සංචාරක ඉන්දීය කණ්ඩායම දැඩි අසීරුතාවකට පත්ව සිටියා. ඒ, ඉන්දීය කණ්ඩායමේ  පළමු ඉනිම ලකුණු 107 කට සීමාවීම හේතුවෙන්.

ඉන්දීය පළමු ඉනිමේදී වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස් කළේ රවිචන්ද්‍රන් අශ්වින්. ඔහු රැස් කළ ලකුණු සංඛ්‍යාව 29 ක්. විරාත් කෝලි ලකුණු 23 යි.

පන්දු යැවීමේදී ජේම්ස් ඇන්ඩර්සන් ලකුණු 20 කට කඩුළු 5 ක් බිද හෙළුවා. තරගය පැවැත්වෙන්නේ ලන්ඩනයේ ලෝඞ්ස් කී‍්‍රඩාංගණයේදීයි.