ඒකාබද්ධ විපක්ෂය විසින් හෙට (28) ආරම්භ කරන ජන සටන පාද යාත්‍රාව ගමන් අරඹන මහනුවර නගරයේදී එක්සත් ජාතික පක්ෂයේ සාමාජික ප්‍රවර්ධන වැඩසටහනක්ද කි‍්‍රයාත්මක කිරීමට මේ වනවිට සූදානමක් පවතිනවා.
ජන සටන පාද යාත්‍රාව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වන්නේ හෙට උදෑසන 9 ට මහනුවර ශී‍්‍ර දළදා මාළිගාව අභියසින්.
උදෑසන 9.30 සිට මහනුවර නගරය ඉලක්ක කරගෙන එක්සත් ජාතික පක්ෂයේ සාමාජික ප්‍රවර්ධන වැඩසටහනක් පැවැත්වීමට මේ වනවිට සියලූ කටයුතු සූදානම් කර තිබෙන්නේ මහාමාර්ග හා උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ලගේ මෙහෙයවීමෙන්.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පක්ෂයේ නායකයන් එම අවස්ථාවට සහභාගිවීමට නියමිතයි.
එක්සත් ජාතික පක්ෂය පසුගිය දින කිහිපය පුරාම විවිධ ප්‍රදේශවල මේ ආකාරයෙන් සාමාජික ප්‍රවර්ධන වැඩසටහන් සිදුකළා.
මෙම පාද යාත්‍රාව තුළ අන්තර්ගත සටන් පාඨවල ජාතිවාදී අදහස් ගැබ් වී තිබුණහොත් වතු කම්කරුවන් සහ සුළු ජාතීන් සමග එක්ව පාද යාත්‍රාවට එරෙහිව තමන්ද පාරට බසින බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍ර වඩිවේල් සුරේෂ් පවසනවා.
මේ අතර පාද යාත්‍රාවේ ඇතැම් සටන් පාඨ හා අදහස්වලට සිය පක්ෂය එකඟ නොවන බැවින් ඒ සදහා එක් නොවීමට ශී‍්‍ර ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයද මීට පෙර තීරණය කළා.
ඒකාබද්ධ විපක්ෂය ජන සටන නමින් පවත්වන පා ගමන හෙටින් ආරම්භ වී කොළඹ නගරයට පැමිණීමට නියමිතව තිබෙන්නේ අගෝස්තු පළමු වනදායි.
හෙට දිනය තුළ පා ගමන දළදා මාළිගාව අභියස සිට මාවනැල්ල නගරය දක්වා පැමිණීමට නියමිතයි. පසුදින එනම් 29 වන සිකුරාදා මාවනැල්ලේ සිට නෙළුම්දෙණිය දක්වා පැමිණීමට නියමිතයි.
ලබන 30 වන සෙනසුරාදා නෙළුම්දෙණියේ සිට නිට්ටඹුව දක්වා පැමිණෙන පාද යාත්‍රාව 31 වනදා නිට්ටඹුව සිට කිරිබත්ගොඩ දක්වා ගමන් කිරීමට නියමිතයි.
අගෝස්තු පළමු වනදා කිරිබත්ගොඩින් ගමන් අරඹා කොළඹට පැමිණෙන පාද යාත්‍රාවේ පිරිස එදිනම සවස 3 ට කොළඹ නගරයේදී රැළියක්ද පැවැත්වීමට නියමිතව තිබෙනවා.
කෙසේවෙතත් රැළියට ස්ථානයක් මේ දක්වා තීරණය වී නැහැ.
හයිඞ් පිටිය හෝ වෙනත් ස්ථානයක් තමන් වෙත නොලැබුණහොත් ගාලූමුවදොරට හෝ රැස්ව රැස්වීමක් පවත්වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ ප්‍රකාශ කළා.