Wednesday, November 6, 2024

General line - 0115112241

මහින්ද මහනුවරට එයි – අද රෑත් සාකච්ඡාවක්




ජන සටන පාද යාත‍්‍රාවට සහභාගි වීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (27) පස්වරුවේම මහනුවරට පැමිණියා.

ඒ ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයින් පිරිසක් ද සමගයි.

එහිදී ශ‍්‍රී දළදා මාළිගාව වැඳපුදා ගත් මහින්ද රාජපක්ෂ මහතා පසුව හින්දු, කතෝලික සහ ඉස්ලාම් සිද්ධස්ථානවල ද ආගමික වතාවත්වල නිරත වීමට කටයුතු කර තිබුණා.

ජන සටන පාද යාත‍්‍රාව සම්බන්ධයෙන් තවත් සාකච්ඡා වටයක් ද අද රාත‍්‍රියේ මහනුවරදී පැවැත්වීමට නියමිතයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සාකච්ඡාවට ද ඒකාබද්ධ විපක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් සහභාගි වීමට නියමිතව සිටිනවා.