Wednesday, November 6, 2024

General line - 0115112241

නිදහස් පක්ෂයෙන් වැදගත් තීරණ රැසක් – ප්‍රතිපත්ති කැඩූ මන්ත්‍රීන්ට වැඩ වරදියි




ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඊයේ (04) රාත්‍රියේ පැවති මධ්‍යම කාරක සභා රැස්වීමේදී වැදගත් තීරණ රැසක් ගත් බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

සම්මුඛ පරීක්ෂණ ලිපි ඉරාදැමූ හිටපු පළාත් පාලන නියෝජිතයින්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීම එම තීරණ අතරට අයත්. ඒකාබද්ධ විපක්ෂයේ පාද යාත්‍රාවට සම්බන්ධ වූ පක්ෂ නියෝජිතයින් සම්බන්ධයෙන් විනය කමිටුවට කරුණු දැක්වීම එහිදී එළැඹුණු තවත් තීරණයක්. මීට අමතරව පක්ෂ නායකත්වය පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්තට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වීමටද මෙහිදී තීරණය කර තිඛෙනවා. ඒ ඔහු විසින් පක්ෂ නායකත්වය ප්‍රසිද්ධියේ විවේචනය කරනු ලැබීම හේතුවෙන්.

ජන සටන පාද යාත්‍රාවෙන් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ  මධ්‍යම කාරක සභා රැස් වූ පළමු අවස්ථාව මෙයයි. එහෙත් පාද යාත්‍රාව සම්න්ධයෙන් මධ්‍යම කාරක සභාවේදී යොමු වී තිබුණේ ඉතා අඩු අවධානයක්.