Thursday, December 26, 2024

General line - 0115112241

සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ඩයලොග් ආසිආටා එක්ව බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට වේගවත් රොබොටික් පී.සී.ආර් පරීක්ෂණ පහසුකම් සලසයි




සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ඩයලොග් ආසිආටා පීඑල්සී (ඩයලොග්) එක්ව බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සඳහා වේගවත් රොබොටික් පී.සී.ආර්. පරීක්ෂණ පහසුකම් සැලසීමට කටයුතු කර ඇත. කොවිඩ් - 19 පිටුදැකීම සඳහා වන ජාතික සෞඛ්‍ය සේවා පරිශ්‍රමයෙන් සවිබලගැන්වීම සඳහා ඉටුකරන කාර්යයේ තවත් පියවරක් ලෙස ඩයලොග් විසින් රොබොටික් පහසුකම්වලින් සමන්විත පරීක්ෂණ කට්ටල 4000 ක් පරිත්‍යාග කරන ලදී.

2020 අප්‍රේල් මාසයේදී කොවිඩ් 19 පිටුදැකීම වෙනුවෙන් සිදුකළ මෙහෙවර යටතේ මෙරට සෞඛ්‍ය කේෂ්ත්‍රයයට අත්‍යාවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනයට රු. ලක්ෂ 2000ක් පරිත්‍යාග කිරීමේ වැඩපිළිවෙලෙ හි සමාරම්භය ලෙසින් ඉන්සති කිහිපයකට පසුව මීගමුව දිස්ත්‍රික්ක මහ රෝහලට ඇඳන් 10 කින් යුත් නවීන පහසුකම්වලින් සමන්විත දැඩි සත්කාර ඒකකයක් ලබාදීමට හැකි විය. ඉදිරියේදී තවත් දැඩි සත්කාර ඒකක සංවර්ධනය කර පුළුල් කිරීමට නියමිතයි.

නව තාක්ෂණික රොබොටික් පී.සී.ආර්. පහසුකම්  මගින්පී.සී.ආර්. පරීක්ෂණ සහ ප්‍රථිපල නිකුත් කිරීමේ කාලය පැය 8 සිට පැය 2.5 ක කාලයක් දක්වා අඩු කිරීමට සමත් වීම සුවිශේෂී වූ  කරුණකි.

මෙම ජාතික කර්තව්යය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ මහතා, ‘‘මෙම CE සහ යුරෝපීය IVD සහතික ලැබූ ජාත්‍යන්තර තත්ත්වයේ ස්වයංක්‍රිය විසඳුම මගින් එකවර සාම්පල 32 ක් පරීක්ෂා කිරීමට හැකිවීම තුළින්, පැය දෙකහමාරක් වැනි කාලයක් තුළ ආරක්ෂිත සහ වේගවත් ආකාරයෙන් පරීක්ෂණ වාර්තා ලබාගැනීමේ හැකියාව සලසයි. මෙවැනි සත්කාර්යකට දායකවීමට අපට අවස්ථාව ලබාදීම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයට අපගේ ගෞරවපූර්වක ස්තුතිය පළ කර සිටිනවා.”

සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය ගරු පවිත්‍රා වන්නිආරච්චි මැතිණිය මෙලෙස අදහස් පළ කළාය, ‘‘බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට වේගවත් රොබොටික් පී.සී.ආර් පරීක්ෂණ පහසුකම් සැලසීම තුළින් ඩයලොග් සමාගම තවත් මහඟු සත්කාර්යයක් සිදුකර ඇති බව සඳහන් කරන අතරම, ශ්‍රී ලංකාව තුළ කොවිඩ් 19 පිටුදැකීම වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය දරණ පරිශ්‍රමයට එම සමාගම අඛණ්ඩව සිය සහාය ලබාදෙනවා. රටේ සෞඛ්‍ය කේෂ්ත්‍රයට අත්‍යාවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනයට මෙන්ම, සෞඛ්‍ය කේෂ්ත්‍රය නගාසිටුවීම වෙනුවෙන් ලක්ෂ 2000 ක් පරිත්‍යාග කිරීමේ වැඩපිළිවෙලෙහි තවත් අදියරක් ලෙසමෙම සුවිශේෂී  සත්කාර්යය සිදුකර තිබෙනවා. ජාතික පරිශ්‍රමයට අසීමිතව කැපවෙමින් ඩයලොග් සමාගම අඛණ්ඩව සිදුකරන මෙහෙවර වෙනුවෙන් අපගේ ගෞරවපූර්වක ස්තුතිය පුදකරනවා.”