එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය වෙනස් විය යුතු බව පවසමින් 2013 වසරේ දී පැවති පාගමනකට මාතරදී එල්ල වූ කුරුඳු පොලු ප්‍රහාරය සම්බන්ධයෙන් නඩුව මාතර මහේස්ත්‍රාත් අධිකරණයේදී අද (08) විභාගයට ගැනුණා.
නඩුව අද විභාගයට ගැනුණු අවස්ථාවේ අමාත්‍ය මංගල සමරවීර ඇතුළු සැකකරුවන් 55 දෙනෙකු මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටියා.
නීතීඥවරුන් පැවසුවේ මෙම නඩුවේ 56 වන සැකකරුවෙකු වන හිටපු අමාත්‍ය සුරනිමල රාජපක්ෂ මියගොස් සිටින බවයි.
17 වන සැකකරු වන උපුල් නිශාන්ත හෘදයාබාදයකට ලක්ව රෝහල්ගතව සිටින බව ද මෙහිදී ප්‍රකාශ කෙරුණා. තවත් සැකකරුවන් 03 දෙනෙකු මාතර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද පෙනී සිටියේ නැහැ.
ඒ 20 වන සැකකරු වන ජනක සංජීව, 22 වන සැකකරු වන කසුන් මදුසංඛ කළුආරච්චි සහ 33 වන සැකකරු වන හේවාමලවිගේ ප්‍රියංකර යන අයයි.
ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කෙරුණා. නඩුව ලබන වසරේ මාර්තු මස 06 වනදා නැවත කැඳවීමට නියමිතයි.