Saturday, January 18, 2025

General line - 0115112241

දෙවන ටෙස්ට් තරගයේ වැඩි වාසිය ශ්‍රී ලංකාවට




සංචාරක බංගලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනය අදයි. දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 06ක් දැවි ලකුණු 172ක් ලබා සිටියා.

නායක දිමුත් කරුණාරත්න ලකුණු 66කට දැවී ගිය අතර ධනංජයද සිල්වා ලකුණු 41 රැස් කළා. පැතුම් නිස්සංක ලකුණු 24යි. නිරෝෂන් දික්වැල්ල සහ රමේෂ් මෙන්ඩිස් නොදැවී පන්දුවට පහර දෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ඉනිම සඳහා ලකුණු 493ක් රැස් කළා. බංග්ලාදේශ කණ්ඩායම ඊට පිළිතුරු ලෙස පලමු ඉනිමේදී රැස් කළේ ලකුණු 251 පමණයි. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට තරගයේ වැඩි වාසි අත්කර ගනිමින් ලකුණු 414ක් ඉදිරියෙන් සිටිනවා. 

මේ අතර මංගල ටෙස්ට් තරගෙයේදී ශ්‍රී ලංකා පන්දු යවන්නෙකු දැක්වූ හොදම පන්දු යැවීම වාර්තා කිරීමට දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රම ඊවේ සමත්වුණා. ඒ, ලකුණු 92කට කඩුලු 06ක් දවා ගනිමින්. මේ සිය දක්ෂතාව පිළිබඳ අදහස් පල කළ ප්‍රවීන් ජයවික්‍රම.