Thursday, November 7, 2024

General line - 0115112241

ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය ගැන අගමැති කතා කරයි




වැට් බදු සංශෝධිත පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමේදී ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති අත්‍යවශ්‍ය විධිවිධාන අනුගමනය කර නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරය කථානායකවරයාට දැනුම් දී තිබෙනවා. එබැවින් එම කි‍්‍රයාවලිය වලංගු නොවන බවටයි ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇත්තේ.

වැට් බදු සංශෝධිත පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් ප‍්‍රකාශය කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට අද (09) දැනුම් දෙනු ලැබුවා.

එම අවස්ථාවේ නැගී සිටි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සඳහන් කළේ මේ පිළිබඳ ප්‍රශ්න කිහිපයක් තිබුණත් මෙම අවස්ථාවේදී ගැටීමක් ඇති කිරීමට උවමනාවක් නොමැති බවයි. එහෙත් ශ්‍රේෂ්ඨාධිකරණයට අලුත් බලතලයක් දීමට අවශ්‍ය නැති බවත් සඳහන් කළා. මූලික අධිකරණ බලය ඇත්තේ මෙම සභාවට බවත් පැවසුවා.

(එම ප්‍රකාශය පහතින් අහන්න)