පාඩු ලබන රාජ්‍ය ආයතන ආරක්ෂා කරගැනීම සඳහා ඇතැම් විට පෞද්ගලික අංශය සමග සහයෝගයෙන් කටයුතු කිරීමට සිදුවන බව ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පවසනවා.
කෙසේ වෙතත් රාජ්‍ය ආයතන පෞද්ගලික අංශයට විකුණා දැමීම රජයේ ප‍්‍රතිපත්තිය නොවන බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ.
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ අභිමානවත් 37 වන සංවත්සරයට සමගාමීව නැවත ගොඩනගන ලද CFS 1 බහලුගත නැව් බඩු මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට අද (10) පෙරවරුවේ එක්වෙමින් ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා මේ බව සඳහන් කළා.