ඉදිකෙරෙමින් තිබෙන කොළඹ වරාය නගරය පාලනය කිරීම සඳහා පාර්ලිමේන්තුව විසින් සංස්ථාවක් ස්ථාපනය කරන බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා.
අග‍්‍රාමාත්‍යවරයා ඒ බව පැවසුවේ විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේදී අද (10) ඇසූ ප‍්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.
අනුර දිසානායක මෙහිදී විමසූවේ ලංකාවේ සෑම භූමියක්ම කුමණ හෝ පළාත් පාලන ආයතනයකට ඇතුළත් වෙන බවයි. ඒ අනුව ඉදිකෙරෙමින් තිබෙන කොළඹ වරාය නගරය තුළ හෙක්ටයාර 269 ක අලුතින් භූමියක් එකතු වෙන බවත් එම අලුතින් එක්වන භූමිය මෙරට කුමණ පළාත් පාලන ආයතනයකට ඇතුළත් වන්නේදැයි යන්නයි.
එහිදී අගමැතිවරයා පැවසුවේ එය මෙතෙක් ලංකාවේ කිසිම පළාතකට අයිතිව නොතිබූ බවයි. දිස්ත්‍රික්ක 25 න් ද පිට පැවැති භූමියක් ලෙස එය පැවැති බවයි. ඒ නිසාවෙන් නව නීති සංශෝධනය කරමින් මෙය ගැසට් කිරීමක් මගින් කොළඹ දිස්ත්‍රික්කය තුළ නව සංස්ථාවක් ඇති කර එහි පාලනයට යටත් කරන බව සඳහන් කළා. එම සංස්ථාවේ නියෝජිතයින් ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් පත් කෙරෙන බවත් ව්‍යාපෘතියට අවශ්‍ය සියලු සේවා කොළඹ නගර සභාව මගින් සැපයීමට පියවර ගන්නා බවත් පැවසුවා.
මේ අතර පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජයන්ත සමරවීර එට්කා ගිවිසුම සහ ඉන්දියාව සහ ශ‍්‍රී ලංකාව අතර ඉදිකිරීමට සූදානම් වන බව කියන හනුමා පාලම සම්බන්ධයෙන්ද ප‍්‍රශ්නයක් නැගුවා. ඊට ද පිළිතුරු ලබාදුන් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පැවසුවේ තමන් තවම එම පාළම පිළිබඳව අවධානය යොමු කර නොමැති බවයි. එහි අවශ්‍යතාව දැඩිව ඇත්තේ කොමිස් ගන්න පුද්ගලයින්ට බවත් පැවසුවා.
(එම ප්‍රකාශය පහතින් අහන්න)