උසස් පෙළ විභාග අක‍්‍රමිකතාවලට අනුබල දුන් බවට චෝදනා ලැබූ තවත් විදුහල්පතිවරයෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.
ඒ, නාත්තන්ඩිය කොට්ටාරමුල්ල අල් හජ්රා විදුහලේ විදුහල්පතිවරයාගේයි.
පිටස්තර ප‍්‍රදේශවල සිසුන්ට ව්‍යාජ ලේඛන සකසා සිය විද්‍යාලයෙන් පාසල් අයදුම්කරුවන් ලෙස උසස් පෙළ විභාගයට පෙනී සිටීමට අවස්ථාව ලබාදුන් බවට ඔහු චෝදනාවට ලක්ව සිටියා.
මෙම චෝදනාවට ලක්වූ නුවරඑළිය ශාන්ත සේවියර් විද්‍යාලයේ විදුහල්පතිවරයාගේ ද මීට පෙර වැඩ තහනම් කළ බවයි විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ.