Thursday, November 7, 2024

General line - 0115112241

ගම්මන්පිල ‘රතන හිමිව’ අගය කරයි




පාර්ලිමේන්තු මන්ත‍්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ආණ්ඩුවේ වැඩපිලිවෙල අනුමත නොකරමින් රණවිරුවන් වෙනුවෙන් පෙනී සිටීම අගය කරන බව පිවිතුරු හෙළ උරුමය පවසනවා.

එහි නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මේ බව කියා සිටියේ අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය පිහිටුවීමේ පනත සම්බන්ධයෙන් පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පළ කළ අදහස්වලට ප‍්‍රතිචාර දක්වමින්.

ඉකුත් දා සම්මත කරගත් මෙම පනත සම්බන්ධයෙන් පූජ්‍ය අතුරලියේ රතන හිමියන් අදහස් පළ කරමින් සඳහන් කළේ ආණ්ඩුවේ මෙම ගමන ගැන විශාල වශයෙන් මහජන අවිශ්වාසයක් ගොඩනැගී ඇති බවත් ඒ හේතුවෙන් තමන් වැනි අයට දැඩි මහජන විරෝධයක් මතු වෙන බවත් ආණ්ඩුව මෙම තත්ත්වය තේරුම්ගත යුතුව ඇති බවත් පැවසුවා.

අදාළ පනත සම්බන්ධයෙන් අන්තර්ජාතික බලපෑම් යටතේ අතීතයට බලපාන පරිදී කරුණු දැක්වීමට යෑමෙන් සත්‍ය වශයෙන්ම ජාතික සංහිඳියාව බිඳී යන බවත් පැවසුවා. අතීතය ඇවිස්සීම තුළින් ජාතීන් අතර අසහනයක් ඇති වීම මිස අන් කිසිවක් සිදු නොවන බවත් පැවසුවා.

එම ප‍්‍රකාශය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල  අදහස් පළ කරමින් පැවසුවේ රතන ස්වාමීන්වහන්සේ ඉතා ප්‍රගතිශීලි ලෙසින් වත්මන් ආණ්ඩුව කෙරෙහි කණස්සල්ල පළ කිරීම පිළිබඳව අගය කරන බවයි.