Thursday, November 7, 2024

General line - 0115112241

පක්ෂයෙන් දීපු වාහනයෙන් සැනසී ආණ්ඩුවේ සුපිරි රථය එපා කියයි




කෝප් කමිටුවේ සභාපතිවරයා ලෙස සුඛෝපභෝගි මෝටර් රථයක් මිලදී ගැනීමට රජයෙන් වෙන් කර ඇති මුදල තමන් ප‍්‍රතික්‍ෂේප කළ බව එහි සභාපති පාර්ලිමේන්තු මන්ති‍්‍ර සුනිල් හදුන්නෙත්ති පවසනවා.

නෙත් නිවුස් කළ විමසීමකදී ඔහු ප‍්‍රකාශ කළේ සුඛෝපභෝගි මෝටර් රථයක් මිලදී ගැනීම සඳහා රජයෙන් මුදල් වෙන්කර ඇති බව කෝප් කමිටුවේ ලේකම්වරිය තමන්ට දැනුම් දුන් බවයි.

කෝප් කමිටුවේ සභාපතිවරයාට සහ රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපතිවරයාට සුඛෝපභෝගි මෝටර් රථ දෙකක් මිලදී ගැනීම සඳහා රුපියල් කෝටි 9 ක මුදලක් රජය මගින් වෙන්කර ඇති බවට මාධ්‍ය වාර්තා පළ වුණා.

මේ සම්බන්ධයෙන් නෙත් නිවුස් කෝප් කමිටුවේ සභාපති සුනිල් හදුන්නෙත්තිගෙන් විමසීමක් කළා. එහිදී හෙතෙම වැඩි දුරටත් සඳහන් කළේ තමන්ට පක්ෂයෙන් ලබා දී ඇති මෝටර් රථය සිය රාජකාරී සඳහා ප්‍රමාණවත් බවයි. මූල්‍ය අර්බුදයක සිට ජනතාවට බදු ගසන ආණ්ඩුව මෝටර් රථ දෙන්නේ කුමටදැයි යන්නත් ප්‍රශ්න කළා.