යාපනය සහ ඒ අවට දූපත් ආශි‍්‍රත ප්‍රදේශවල වසා දමා ඇති ළිං අධිකරණ නියෝග අනුව වහාම පරීක්ෂා කළයුතු බව රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් පවසනවා.
ඇය පෙන්වා දෙන්නේ ඉකුත් යුද සමයේදී අතුරුදන් වූ පුද්ගලයන් විශාල පිරිසකගේ මළසිරුරු සහ අස්ථි කොටස් ඒවායෙහි ඇති බවයි. අතුරුදන්වූවන්ගේ ඥාතීන් තමන්ට ඒ පිළිබඳ දැනුම් දී ඇති බවයි මන්තී‍්‍රවරිය පෙන්වා දෙන්නේ.
යාපනය දිස්ති‍්‍රක්කයේ ජීවත් වූ විශාල පිරිසක් අතුරුදන් වී ඇති බවට පැමිණිලි ලැබී තිබෙනවා. එමෙන්ම යාපනය සහ ඒ අවට දූපත් ආශි‍්‍රත ප්‍රදේශවල ඇති ළිං බොහොමයක් මේ වනවිට පස් දමා වසා ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරිය පෙන්වා දෙන්නේ.
තිරුකේදීශ්වරන් ප්‍රදේශයේ ළිදක් තුළ තිබී මිනිස් අස්ථි කොටස් කිහිපයක් ඉකුත්දා සොයාගැණුනා. ඒවාද අතුරුදන් වූ පුද්ගලයන්ගේ අස්ථි කොටස් විය හැකි බවයි ඇය පෙන්වා දෙන්නේ. එම නිසා කඩිනමින් මේ පිළිබඳ විමර්ශන සිදුකළ යුතු බව රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් ප්‍රකාශ කළා.