Thursday, November 7, 2024

General line - 0115112241

ඇහැලියගොඩ තරුණියගේ මරණයට සැමියා අත්අඩංගුවට (UPDATE)




ඇහැලියගොඩ පලිගල ප‍්‍රදේශයේදී පොහොර උරයක බහා තිබියදී කාන්තා මළ සිරුරක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඇගේ ස්වාමිපුරුෂයා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ඇහැලියගොඩ පොලිසියට පැමිණ භාරවීමෙන් අනතුරුවයි.

සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්ව සිටියේ 24 හැවිරිදි තරුණියක්.

පුද්ගලයෙකු මෘත ශරීරයක් වළ දැමූ බවට 119 දුරකතන අංකයට ලද තොරතුරකට අනුව කළ පරීක්ෂණයකදී පොහොර උරයක බහා තිබූ ඇගේ මළ සිරුර සොයා ගැනුනා.

සිද්ධීය සම්බන්ධයෙන් ඇහැලියගොඩ පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.

……………………………………………………………………………….

විසිහතර හැවිරිදි තරුණිය පොහොර උරයේ අවසන් ගමන් යයි

Aug 14, 2016 @ 11:43

 

පොහොර උරයක දමා තිබූ තරුණියකගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

ඒ, පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුණු පැමිණිල්ලකට අනුව ඇහැලියගොඩ පොලීසිය කළ විමර්ශනයකදීයි. ඇහැලියගොඩ, පලිගල ප‍්‍රදේශයේදී මෙම සැකකටයුතු පොහොර උරය සොයාගෙන තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ දිගන, කිතුලේමඩ ප‍්‍රදේශයේ පදිංචිව සිටි 24 හැවිරිදි තරුණියක් බවත් පොලිසිය අනාවරණය කරගෙන තිබෙනවා. මහේස්ත‍්‍රාත් පරීක්‍ෂණය පැවැත්විමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්‍ෂණය පැවැත්වීම සඳහා මළසිරුර ඇහැලියගොඩ රෝහලේ  මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.

මෙය ඝාතනයක් විය හැකි බැවින් ඊට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විමර්ශන මෙහෙයවනවා.