ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා පිතිකරුවන් දෙදෙනෙකු අතර ඇති වූ දෙවන වැඩිම ලකුණු සම්බන්ධතාවය වාර්තා කිරීමට අද (14) තරඟයේදී හැකි වුණා.
ඒ ධනංජය ද සිල්වා සහ දිනේෂ් චන්දිමාල් අතරයි. කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී ඕස්ට්‍රේලියාවට එරෙහි තෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ලෙස මෙම තරගය පැවැත්වෙනවා.
ලකුණ 26 කට කඩුළු 05 ක් බිඳ වැටී ශ්‍රී ලංකා ඉනිම අසීරු තත්ත්වයකට ඇදවැටී තිබියදී 06 වැනි කඩුල්ල වෙනුවෙන් පිටියට පිවිසි ධනංජය ද සිල්වා පන්දු 280 කදී ලකුණු 129 ක් රැස් කිරීමට සමත් වුණා. එහිදී දිනේෂ් චන්දිමාල් සහ ධනංජය ද සිල්වා අතර ඇතිවූ සම්බන්ධතාවය ලකුණු 211 ක්.
1992 වසරේදී අර්ජුන රණතුංග සහ අසංක ගුරුසිංහ ඕස්ට්‍රේලියාවට එරෙහිව ඕනෑම කඩුල්ලක් සඳහා වැඩිම ලකුණු සම්බන්ධතාවය වාර්තා කළා. එම වාර්තාවට ඔහුන් තවම හිමිකම් කියනවා. ඒ ලකුණු 230 ක්.
යම් ආකාරයකින් අද තරඟයේදී තවත් ලකුණු 20 ක් වාර්තා කිරීමට දිනේෂ් චන්දිමාල් සහ ධනංජය ද සිල්වා සමත් වූයේ නම් එම වාර්තාව බිඳ වැටීමට තිබුණා. එසේ වුයේ නම් වසර 24 ක් පැරණි වාර්තාවක් අද දිනයේ අලුත් වනවා.