Tuesday, December 24, 2024

General line - 0115112241

ඩයලොග් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එක්ව කුසලානය ලංකාවට රැගෙන ඒමට අපේ සිංහයන් හට සුබපැතුම් එක්කරන Wishing Portal එක දියත් කරයි




2022 සැප්තැම්බර් 11 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩංගණයේ පැවැත්වීමට යෙදී ඇති ආසියානු කුසලාන අවසන් මහා තරගයේදී අපේ සිංහයන් හට ජයග්‍රාහී සවියක් වීම වෙනුවෙන් සුබ පැතුම් එක්කළ හැකි ඩිජිටල් ‍වේදිකාවක් හඳුන්වාදීමට, ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නිල අනුග්‍රාහක ඩයලොග් ආසිආටා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එක්ව කටයුතු යොදා තිබේ.
 
වසර 8ක දීර්ඝ කාලයකට පසුව එළැඹි මෙම අවසන් මහා තරග අවස්ථාව ජයගනිමින් මව්බිමට ආසියානු කුසලානය රැගෙන ඒම පිණිස අප ජාතික ක්‍රිකට් කණ්ඩායම වෙත සුබපැතුම් එක්කරමින් ජයගොස නැගීමට සැදී පැහැදී සිටින ශ්‍රී ලාංකිකයන් හට, මෙම  Wishing Portal එක වෙත QR code එකකින් හෝ වෙබ් අඩවියක් ඔස්සේ පිවිසිය හැක.

https://dlg.lk/apekollo Wishing Portal එක වෙත පිවිසීමෙන් ජාතික ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් වන ඔබගේ සුබ පැතුම පහසුවෙන්ම එක්කිරීමට ඔබට හැකිවනු ඇත. මෙලෙස සුබ පැතුම් එක් කරන අය අතුරින් වාසනාවන්තයින් 1000 දෙනෙකුට වටිනා Cricket ට shirts ලබා දීමටද Dialog සූදානමින් සිටියි.
 
මේ අතර, කොළඹ CR&FC සහ CH&FC පිටියේත්, මාතර සනත් ජයසූරිය පිටියේත්, මහනුවර ගැටඹේ පිටියේත්, අනුරාධපුර රාජාංගනය පිටියේත්, යාපනයේ කලයි මති ක්‍රීඩා සමාජ පිටියේත් ආසියානු කුසලාන අවසන් මහා තරගය දැවැන්ත තිර ඔස්සේ සජීවීව විකාශය කිරීමටද කටයුතු යොදා තිබේ.

ශ්‍රී ලංකාව අවසන් වරට ආසියානු කුසලානක් දිනගනු ලැබුවේ, 2014 වසරේ ඇන්ජලෝ මැතිව්ස් ගේ නායකත්වය යටතේ වන අතර එදා එම අවසන් සටනේ ප්‍රතිවාදීන් වූ පකිස්තානයම මෙවර අවසන් සටනේත් අප ප්‍රතිවාදීන් බවට පත්ව තිබේ. එදා 2014 ආසියානු කුසලාන ජයගත් ජාතික කණ්ඩායමේ කිසිදු ක්‍රීඩකයකු අප වත්මන් ජාතික කණ්ඩායමේ නොවීමද කැපී පෙනෙයි.
 
සුපිරි හතරදෙනාගේ වටය යටතේ නැගී එන ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහ ඉකුත්වර ශූරයන් මෙන්ම මෙවර ශූරතාව දිනාගැනීමේ වැඩිම සම්භාවිතාවක් සහිත කණ්ඩායම ලෙසින් සැලකුණු ඉන්දියාව ද පරදවමින් කල් ඇතිවම අවසන් මහා තරග අවස්ථාව තහවුරු කරගැනීමට ශ්‍රී ලංකාවට හැකිවිය.

“දශකයට ආසන්න කාලයක් පුරා අප ක්‍රිකට් ක්‍රීඩාවට ලබාදුන් සහයෝගය සහ අප තරුණ ක්‍රීඩකයන්ගේ දක්ෂතා සම්බන්ධයෙන් විශ්වාසය තැබීම පිළිබඳව ජාතික කණ්ඩායමේ අනුග්‍රාහකයා වන ඩයලොග් ආසිආටා වෙත මගේ හදපිරි ස්තුතිය පිරිනමනවා.” යි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සහකාර ලේකම් ක්‍රිශාන්ත කපුවත්ත මහතා පැවසීය.“මෙවැනි වැඩසටහනක් මගින් මෙවන් මොහොතක රටට මෙන්ම අප ක්‍රීඩකයන්ටද අත්‍යවශ්‍ය වන චිත්ත  ධෛර්යය සැපයීමට මනා පිටුවහලක් වනවා. මෙවැන් වැඩසටහනක් ක්‍රියාවට නැංවීම පිළබඳව ඩයලොග් වෙත මාගේ කෘතඥතාව පළකරනාවා'යි ඒ මහතා වැඩිදුරටත් පවසන ලදි.
 
ආසියානු කුසලාන අවසන් තරගය Dialog Television නාලිකා අංක 73 (SD), 130 (HD) ඔස්සේ සහ Dialog Viu mobile app සජීවීව විකාශය වේ.

ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ මහතා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට කුසලානය ගෙන ඒම සඳහා වන Wishing Portal එක වෙත පිවිස පළමු පැතුම එක්කළ අයුරු.

 

ඡායාරූපයේ වමේ සිට - ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී - ජෙරම් ජයරත්න , ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ  සහකාර  ලේකම් - ක්‍රිශාන්ත කපුවත්ත,  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති ආචාර්ය ජයන්ත ධර්මදාස සහ ඩයලොග් ආසිආටා හි ජ්‍යෙෂ්ඨ සාමාන්‍යාධිකාරී හර්ෂ සමරනායක.