Saturday, April 27, 2024

General line - 0115112241

“සිනාවිය හැකි දවසක් උදා වෙලා “- දොරට තට්ටු කරන පිරිසක් ගැන සනත් හෙළි කරයි




ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ දොරට තට්ටු කරන ක්‍රීඩකයන් කිහිප දෙනෙක් 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ සිටින බව තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය පවසනවා.

මේ වන විට කොළඹ දී පැවැත්වෙන මාධ්‍ය හමුවක දී ඔහු සඳහන් කළේ ඒ අනුව ලංකාවට සිනාවිය හැකි දවසක් උදා වී ඇති බවයි.

19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ සිටින ක්‍රීඩකයන් ජාතික කණ්ඩායමේ දොරට තට්ටු කරන්නේ කවදා ද යන්න තමන් ඇතුළු බොහොදෙනෙක් මෙතෙක් බල සිටි බවයි සනත් වැඩිදුරටත් සඳහන් කළේ .