Saturday, February 22, 2025

General line - 0115112241

මෙරට පළමු ක්‍රීඩා ඔම්බූඩ්ස්මන්වරයාව පත් කෙරේ



මෙරට පළමු ක්‍රීඩා ඔම්බූඩ්ස්මන්වරයා ලෙස පරිපාලන සේවා විශේෂ ශ්‍රේණියේ හිටපු කීර්තිමත් නිලධාරියෙක් වන ඩබ්ලිව්.ඒ. චූලානන්ද පත්කර තිබෙනවා.

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යවරයා විසින් එම පත්කිරීම සිදුකර ඇත්තේ 1973 අංක 25 දරණ ක්‍රීඩා පනත සහ අංක 2382/32 දරණ ගැසට් පත්‍රවල රෙගුලාසි අනුවයි.

ජාතික ක්‍රීඩා සංගමයක හෝ සම්මේලනයක තීරණයකින් අගතියට පත්වන අය සම්බන්ධයෙන් ස්වාධීන සහ අපක්ෂපාතී පරීක්ෂණ පැවැත්වීම එම තනතුරට අයත් රාජකාරිය වන බව සංචාරක හා ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා.