තමන් සමගිජන බලවේගය සමග එක්වුවද කිසිදු මැතිවරණයකට තරඟ නොකරන බව හිටපු යුධ හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක පවසනවා.
නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.
එහිදී තමන් සමගිජන බලවේගය සමග එක්වීමට බලපෑ හේතු සහ සිය ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳවද හිටපු යුධ හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක අනාවරණ කළා.
නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගය නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.