Tuesday, March 25, 2025

General line - 0115112241

ඇල්ල වැල්ලවාය මාර්ගය අද රාත්‍රියේත් වැසේ

විරාජ් ප්‍රනාන්දු



ඇල්ල වැල්ලවාය මාර්ගය අද රාත්‍රියේද යළි වසා දමන බව බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

එහි සහාකාර අධ්‍යක්ෂ උදය කුමාර පැවසුවේ අද රාත්‍රී 08 සිට හෙට අලුයම 06 දක්වා එලෙස එම මාර්ගය වසා දමන බවයි.

කරදගොල්ල මලිත්තගොල්ල නාය යාම පසුගිය වර්ෂාවත් සමග සක්‍රීය වීම හේතුවෙන් පසුගිය දිනවලද රාත්‍රි කාලයේ මාර්ගය වසා දැමුණා.

ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයට රොන් මඩ තවදුරටත් ගලා ඒම හේතුවෙන් එලෙස එම මාර්ගය වසා දමන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.