Sunday, February 23, 2025

General line - 0115112241

නෙත් එෆ් එම් නේත්‍රාලෝක වෙසක් කලාපයට සියල්ල සුදානම්



නෙත් එෆ් එම් රේඩියෝව වෙසක් පුර පසළොස්වක පොහොය දිනය නිමිති කර ගනිමින් සංවිධාන කරන ශ්වේත පූජා සහ නේත්‍රාලෝක වෙසක් කලාපය වේයන්ගොඩ ගුණසිරි සඟබෝ විහාරස්ථානයේදී මේ වන විට පැවැත්වෙනවා.

ශ්වේත පූජා වැඩසටහන අද උදෑසන ආරම්භ වූයේ උවැසි උවැසියන්ගේ පෙහෙවස් සමාදන් වීමෙන් පසුවයි.

ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, යුගාසන කවි බණ සහ බෝධි පූජා යන පිංකම් අද දවස පුරා වේයන්ගොඩ ගුණසිරි සඟබෝ විහාරස්ථ පුදබිමෙහිදී පැවැත්වෙනවා.

බුද්ධාලම්භන ප්‍රීතිය නංවාලමින් විචිත්‍රත්වයෙන් සැරසුණු නේත්‍රාලෝක වෙසක් කලාපය ද වේයන්ගොඩ ගුණසිරි සඟබෝ විහාරස්ථානයේදී මේ වන විට පැවැත්වෙනවා.

වේයන්ගොඩ ගුණසිරි සඟබෝ විහාරස්ථ පුදබිමෙහි ඉදිවන නේත්‍රාලෝක වෙසක් කලාපයේදී දර්ශනීය වෙසක් තොරණට අමතරව සර්වඥ ධාතූන් හා මහ රහත් ධාතූන් වන්දනාව, මහා පහන් කූඩු ප්‍රදර්ශනය, සතර මහා අපාය, ශ්‍රී පාද අනුරුව හා බැති ගී ප්‍රසංග ද සංවිධාන කර තිබෙනවා.

මේ අතර වෙසක් පොහොය දිනට පසු දින එනම් හෙට නෙත් එෆ් එම් ශ්වේත පූජා වැඩසටහන පැවැත්වෙන්නේ ඓතිහාසික කූරගල පුදබිමේදීයි.

 

කූරගල පුදබිමේ පැවැත්වෙන වෙසක් කලාපය සදහාද බැතිබර මාධ්‍ය දායකත්වය නෙත් එෆ් එම් රේඩියෝවෙන්.        

මේ අතර ඇඹිලිපිටිය, කටුවන ආශ්‍රිත ප්‍රදේශයේ ක්‍රියාත්මක වෙසක් සැමරුම් සම්බන්ධයෙන් මෙම වාර්තාව ඇඹිලිපිටියේ රැඳී සිටින චමින්ද මුණසිංහගෙන්.