Monday, February 24, 2025

General line - 0115112241

අයි එස් අයි එස් ත්‍රස්තාවාදීන් ගැන සොයන්න විශේෂ කමිටුවක්



මෙරට අයි එස් අයි එස් ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ පුද්ගලයින් සිටීදැයි සෙවීම සඳහා විශේෂ කමිටුවක් පත්කර ඇති බවත් එම කමිටු වාර්තාවෙන් පසු ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් මාධ්‍යයට ඉදිරි දින කිහිපයේදී සිදුකරන බවයි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පැවසුවේ.

ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් අයි එස් අයි එස් ත්‍රස්ත සංවිධානයයට සම්බන්ධ පුද්ගලයින් සම්බන්ධයෙන් ද පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මෙහිදී වැඩිදුරටත් පැහැදිළි කළා.


ජනතාව බියට පත්වීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවත් සියලුදෙනා එක්වී රටේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා වගකීමෙන් යුතුව කටයුතු කළ යුතු බවයි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වැඩිදුරටත් පැවසුවේ.