Monday, February 24, 2025

General line - 0115112241

අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් පිරිසට සහන සළසන්න ත්‍රිවිධ හමුදාව සීරුවෙන්



අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් තවදුරටත් පුද්ගලයින් 44,000කට වැඩි පිරිසක් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක පුද්ගලයින් 1,000කට ආසන්න ප්‍රමාණයක් රක්ෂිත ස්ථානවල රඳවා සිටින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි පැවසුවේ. 


හදිසි අවස්ථාවකදී ක්‍රියාකිරීම සඳහා ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය සූදානම් කර ඇති බවද ඔහු කියා සිටියා. 


මේ අතර පෙරදිනවලට සාපේක්ෂව වැසි තත්ත්වයේ යම් අඩු වීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

කෙසේවෙතත් බස්නාහිර සහ සබරගමුව පළාත්වල මෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75ක පමණ වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක පැවසුවේ.


දිවයිනේ බොහෝ වෙරළ තීරයන්හි සුළං වේගයේ වැඩිවීම තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවසුවා