Wednesday, April 16, 2025

General line - 0115112241

පුරාවස්තු සොයා කැණීම් සිදු කරමින් සිටි දෙදෙනෙකු අත්අඩංගුවට



මකුලුගස්වැව ප්‍රදේශයේ පුරාවස්තු සොයා කැණීම් සිදු කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ගල්කිස්ස පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත පෙ ාලිස් නිලධාරීන් කණ්ඩායමක් සිදු කළ වැටලීමකදීයි.

එහිදී කැණීම් සඳහා යොදා ගත් උපකරණද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගෙන ඇත්තේ බඹරගස්වැව සහ මාවතගම ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් ගලේවෙල පොලිස් ස්ථානය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.