Tuesday, May 6, 2025

General line - 0115112241

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් හදිසි දැනුම්දීමක්



නැවත දැනුම් දෙන තුරු දිවයින වටා මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවලින් වැළකී සීටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දීමක් කරනවා.

සක්‍රීය වී ඇති නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් දිවයින වටා මුහුදු ප්‍රදේශවල, බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ සහ අරාබි මුහුදු ප්‍රදේශයේ මුහුදු ප්‍රදේශ රළු විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.

ඒ අනුව එම මුහුදු ප්‍රදේශවල විටින් විට පැයට කිලෝමීටර 60ත්    70ත් අතර සුළං ඇතිවිය හැකියි.

එම මුහුදු ප්‍රදේශවල මේ වන විටත් ධීවර සහ නාවුක කටයුතුවල නිරත පිරිස් සිටී නම් හැකි විගස ආරක්ෂිත ස්ථාන වෙත යාත්‍රා කරන ලෙසටද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ඉල්ලා සිටියා.