පවතින අයහපත් කාලගුණ තත්ත්වය සමග සිදු වී ඇති ආපදා හේතුවෙන් පවුල් 11,792ක පුද්ගලයින් 44,294 දෙනෙකු පීඩාවට ලක්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
පසුගිය මැයි මස 15වනදා සිට අද දිනය දක්වා කාලසීමාව තුළ එම පිරිස වාර්තා වී ඇති බවයි එම මධ්‍යස්ථානය සඳහන් කළේ.
ඒ අතරින් පුද්ගලයින් 1,132 දෙනෙකු තවදුරටත් සුරකෂිත මධ්‍යස්ථානවල රැඳී සිටින අතර තවත් පුද්ගලයින් 741 දෙනෙකු ඥාති නිවාසවල රැඳී සිටිනවා.
අදාළ කාලසීමාව තුළ ආපදා මරණ 07ක් වාර්තා වී ඇති අතර තුවාල ලබා ඇති පුද්ගලයින් ගණන 19ක්.
ආපදා හේතුවෙන් පූර්ණ නිවාස හානි 20ක් වාර්තා වී තිබෙනවා.
වාර්තා වී ඇති අර්ධ නිවාස හානි ගණන 4,412ක් වන බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදරටත් සඳහන් කළේ.