Monday, February 24, 2025

General line - 0115112241

ප්‍රතිපත්ති පොලී අනුපාතික නොවෙනස්ව පවත්වාගෙන යාමට මහ බැංකුවෙන් තීරණයක්



ප්‍රතිපත්ති පොලී අනුපාතික තවදුරටත් නොවෙනස්ව තබා ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබෙනවා.

ඒ, ඊයේ පැවති ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩල රැස්වීමේදීයි.

ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික වන නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සියයට 8යි දශම 5ක් ලෙසත් නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සියයට 9යි දශම 5ක් ලෙසත් තවදුරටත් පවත්වාගෙන යාමට එහිදී තීරණය කර තිබෙනවා.

දේශීය හා ගෝලීය ආර්ථික තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් මුදල් මණ්ඩලය එම තීරණයට එළඹ ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේ.