Friday, March 28, 2025

General line - 0115112241

පාපැදි, රග්බි, මෝටර් රථ හා දැල්පන්දු සම්මේලන අත්හිටුවයි



ක්‍රීඩා සංගම්, සම්මේලන හතරක ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවමින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ, ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින්. මෙලෙස අත්හිටුවා ඇත්තේ ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය, ශ්‍රී ලංකා රග්බි සංගමය, ශ්‍රී ලංකා මොටර් රථ සම්මේලනය හා ශ්‍රී ලංකා දැැල් පන්දු සම්මේලනයයි.

ඒ අනුව එහි නිසි බලධාරියා ලෙස ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, මහාචාර්ය ෂේමාල් ප්‍රනාන්දු පත් කිරීමටයි තීරණය කර ඇත්තේ.

ඒ, ඊයේ දිනයේ සිට බලපැවැත්වෙන පරිදියි.

අදාළ ක්‍රීඩා සංගමයේ හා සම්මේලනයන්හි නිල වරණයන් කැඳවීම හා පැවැත්වීමේ බලයද ඔහුට ලබා දී තිබෙනවා.