Saturday, March 29, 2025

General line - 0115112241

ඩුබායිහීදී අත්අඩංගුවට පත් මිදිගම රුවන් දිවයිනට රැගෙන එයි



ඩුබායිහීදී අත්අඩංගුවට පත් වූ පාතාල කල්ලි සාමාජිකයෙකු වන මිදිගම රුවන් දිවයිනට රැගෙනවිත් තිබෙනවා.

ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ නිලධාරින් කණ්ඩායමක් විසින්.

ඩුබායි පිහිටි රාත්‍රී සමාජ ශාලාවක ඇති වූ ගැටුමක් සම්බන්ධයෙන් එරට පොලිසිය විසින් මිදිගම රුවන් අත්අඩංගුවට ගෙන තිබූ බවයි වාර්තා වන්නේ.

ඔහු දිවයිනට රැගෙන ඒමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් කණ්ඩායමක් පසුගියදා ඩුබායි බලා පිටත්ව ගියා.

ඒ අනුව ඩුබායි සිට මිදිගම රුවන් කටුනායක ගුවන් තොටුපළ වෙත අද රැගෙනවිත් තිබෙනවා.

මිදිගම රුවන්, පාතාල කල්ලි නායකයෙකු සහ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන නදුන් චින්තක හෙවත් හරක් කටාගේ මස්සිනා වනවා.

හරක් කටා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පසුගියදා මුදා ගැනීමට සැලසුමක් සකස් කර තිබුණේ ද මිදිගම රුවන් බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.