Tuesday, February 25, 2025

General line - 0115112241

කළුගග  ආශ්‍රිතව පහත්බිම්  රැසක් ජලයෙන් යටවෙයි



ඒ අනුව දොඩංගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට සහ කළුතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ⁣රෙමුණගොඩ බොලොස්සගම ඇතුළු ගම්මාන කිහිපයක නිවාස ජලයෙන් යට වෙමින් පවතින බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

කළුතර පළාතොට ජල මාපකයේ  කළු ගඟ පිටාර මට්ටමට ආසන්නව පවතින බවට කළුතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ.

ඒ අනුව පිටාර ගලමින් පවතින ප්‍රදේශවල කළු ගඟ සහ ඒ අවට පදිංචි ජනතාවට  අවධානයෙන් ලෙසද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දී තිබෙනවා.

මේ අනුව කළුතර  කෙත්හේන මාර්ගයේ  බස් රථ  ධාවනය මෙන්ම අනෙකුත් රථවාහන ධාවනය කටයුතු මුළුමනින්ම ඇණහිට තිබෙන බවයි නෙත් නිවුස් වාර්තාකරු පවසා සිටියේ,