Wednesday, February 26, 2025

General line - 0115112241

අතුරුදන් වූ සිව් දරු මවක් පිඹුරෙකුගේ උදරයෙන් මතුවෙයි 



අතුරුදන් වූ සිව් දරු මවක්  පිඹුරෙකුගේ ගොදුරක් බවට පත් වූ  පුවතක් ඉන්දුනීසියාවෙන් වාර්තා වෙනවා.

ඉන්දුනීසියාවේ කලම්පැන්ග් හි පිහිටි  වෙළඳපොළට ඇවිද යමින් සිටියදී ඇය අතුරුදහන් වි තිබෙනවා 

එදින සවස ඇය නිවසට නොපැමිණිම හේතුවෙන්  ඇගේ සැමියා  ප්‍රදේශවාසීන් සමඟ සොයා බාලා ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව සිදුකළ මෙහෙයුම්වල දී මෙම කාන්තාවගේ බඩු බාහිර ආදිය හමුව ඇති අතර දිගටම සිදුකළ මෙහෙයුම්වලදී විශාල බඩක් සහිත අඩි 20 ක් දිග පිඹුරෙකු හමුවී තිබෙනවා.

පසුව  අදාල පිරිස විසින් පිඹුරාගේ බඩ කපා දමා ඇති අතර එහි තිබී මෙම කාන්තාවගේ මියගිය සිරුර සොයාගෙන ඇති බවයි විදෙස් මාදය සදහන් කලේ.

මෙලෙස  ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ඉන්දුනීසියාවේ පදිංචි අවුරුදු 45ක කාන්තාවක්.

පිඹුරා ඇය වටා දඟර ගැසීමට පෙර ඇගේ කකුල සපා කෑ බවත්, ඇගේ හිස මුලින්ම ගිල දැමීමට පෙර ඇයගේ හුස්ම හිර කර ඇති බවත් ප්‍රදේශවාසින් විදෙස් මාධ්‍ය වෙත පවසා තිබෙනවා.

එරට රජය සදහන් කර ඇත්තේ මෑත වසරවලදී ඉන්දුනීසියාවේ පිඹුරන් විසින් මිනිස් ජීවිත බිලිගැනීමේ සිද්ධීන් කිහිපයක්ම වාර්තා වී තිබෙන අතර පිඹුරෙකු විසින් මිනිසෙකු  ගිල දැමු  අවසන් සිද්ධිය වී ඇත්තේ  2022 වසරේදී බවයි