Wednesday, February 26, 2025

General line - 0115112241

සියලු‍ ආරක්ෂක අංශ ප්‍රධානීන්ගේ සේවා කාලය දිගු කරයි

ජේ ජේයකුමාර්



සියලු‍ ආරක්ෂක අංශ ප්‍රධානීන්ගේ සේවා කාලය ලබන දෙසැම්බර් අග දක්වා දීර්ඝ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබෙනවා.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාටද සේවා දිගුවක් ලැබී ඇත්තේ ජනාධිපතිවරයා ගත් මෙම තීරණය පදනම් කරගෙන බවයි වාර්තා වුණේ.

ඒ අනුව දෙසැම්බර් මාසයට පෙර සේවා කාලය අවසන් වීමට නියමිතව ඇති ත්‍රිවිධ  හමුදාපතිවරුන් සහ සියලු‍ ආරක්ෂක ප්‍රධානීන්ට ජනාධිපතිවරයා ගත් මෙම තීරණයත් සමග ලබන දෙසැම්බර් මාසය වන තෙක් ඔවුන්ගේ තනතුර බලාත්මක වනවා.

ජනාධිපතිවරණය අවසන් වන තුරු රටේ ආරක්ෂක වැඩපිළිවෙළ ඒ අයුරින්ම පවත්වාගෙන යාමට පහසුවක් වනු පිණිස ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇති බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.