ප්‍රමිතියෙන් තොර බාල සබන් හේතුවෙන් බිළිදුන්ගේ සමේ විවිධ සංකූලතා ඇති වී තිබෙන බව රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීනි සංගමයේ සභාණ්ඩාගාරික ප්‍රියංගනී සුසංගිකා පවසනවා.
වර්තමාන ආර්ථික තත්ත්වය මත දෙමව්පියන් තම දරුවන්ට ප්‍රමිතියෙන් තොර සබන් භාවිතයට යොමු වී ඇති බවයි ඇය පවසා සිටියේ.
වැඩිදුරටත් අදහස් දැක්වූ ඇය පවසා සිටියේ මෙවැන්නක්
" වර්තමානයේ පවතින ආර්ථික තත්ත්වය අනුව බොහෝ දෙමව්පියන් වෙළෙඳපොළේ ඇති බාල සබන් වර්ග තම බිළිදුන් වෙනුවෙන් මිලදී ගන්නා බවක් දක්නට තිබෙනවා.
එසේ මිල පිළිබදව අවදානය යොමු කරන පාරිභෝගිකයන් ඉලක්ක කර ගත් කිසියම් කණ්ඩායමක් ප්‍රමිතියෙන් තොර බාල බිළිදු සබන් වර්ග වෙළෙඳපොළට එක් කර තිබෙන බවක් දැන ගන්නට තිබෙනවා.
මේ නිසා අපි මව්පියන්ගෙන් ඉතාමත්ම කාරුණිකව ඉල්ලා සිටිනේ ප්‍රමිති කාර්යංශයෙන් සහතික කර ඇති බිළිදු සබන් වර්ග තම දරුවන් වෙනුවෙන් මිලදී ගන්නා ලෙසයි.
දිවියිනේ විවිධ ප්‍රදේශවලින් අපට දැන ගන්නට ලැබුණා සමේ විවිධ සංකුලතා ඇතිවූ බිළිදු දරුවන් සම්බන්ධයෙන් දැන ගැනීමෙන් පසුව කරන ලද සොයා බැලීමේදී තමයි අපිට එය අනාවරණය කර ගැනීමට හැකිවූයේ.
ඒ නිසා තමයි අපි කියා සිටින්නේ ප්‍රමිතියෙන් තොර බිළිදු සමට නොගැළපෙන සබන් වර්ග බිළිදුන් වෙනුවෙන් භාවිතා නොකරන ලෙස.
අපි අමතක නොකළ යුත් වන්නේ ප්‍රමිතියෙන් තොර සබන් භාවිතා කිරීමේ අතුරු පල දරුවන්ට ලැබෙන්නේ වර්තමානයට වඩා අනාගතයේදී .
දරුවන්ගේ ඇඟ ගල්වන සබන් වල 78% කට වඩා ඉහළ අගයකින් යුක්තව TFM අන්තර් ගතව තිබිය යුතුයි.
ප්‍රමිති කාර්යංශය විසින් අනුමත කරන්නේ නියමිත ප්‍රමාණයට TFM අඩංගු නම් පමණයි.ඒ නිසා අපි දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටින්නේ දරුවන්ගේ අනාගතය පිළිබදව සිතා ප්‍රමිතියෙන් යුතු සබන් වර්ග පමණක් භාවිතා කරන ලෙසයි."
පුත්තලම - ජූඩ් සමන්ත